Aside

 

Imageහලාවත මුන්නේෂ්වරම් දෙවොලේ පැවැත්වීමට නියමිතව තිබූ මහා බිලි පූජාව සිංහල රාවය ජාතික සංවිධානයේ මැදිහත් වීමෙන් අත් හිටවනු ලැබිණ. මෙසේ අත්හිටුවනු ලැබුවේ සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන්ගේ සහ පොලිස්පති තුමාගේ අතර සිදුවූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
පසුගිය වසරේද මෙම බිලි පූජාව පැවැත්වීමට පටන් ගත් අවස්ථාවේ ඒ පිළිබද ගැටළුකාරී තත්වයක් උද්ගත විය. සත්ව හිංසනයට එරෙහිව ජීවිතය පූජා කළ බෝවත්තේ ඉන්දරතන හිමියන් සත්ව අවිහිංසාව වෙනුවෙන් තම ජීවිතය පූජා කරන බව පළමුව ප්‍රකාශ කළේද මෙම බිලි පූජාවට විරෝධය පාමිනි.
මෙහිදී පොලිස්පති තුමා විසින් මේ පිළිබදව ගත් ඉක්මන් පියවර වෙනුවෙන් සිංහල රාවයේ ස්තුතිය පිරිනමන අතර 21වන දිනට නියමකොටගෙන තිබූ අපගේ සාමකාමී උද්ගෝෂණය එලෙසින්ම පැවැත්වීමට කටයුතු කරන බවද අපගේ සියළුම සාමාජිකයින්ට දැනුම් දීමට කැමැත්තෙමු.
එම සාමකාමී උද්ගෝෂණයට සත්ව සුභසාධන භාරයත් සිංහල රාවය සංවිධානයත් එක්ව කටයුතු කිරීමට නියමිතය.
මෙලෙසින් මහා බිලි පූජා පවත්වන්නේ හිංසනය පිටු දැකීම සඳහා සත්ව පනත, ගව ඝාතන ආඥා පනත හා සත්ව හිංසා වැළැක්වීමේ පනත ආදී අණ පනත් ඇති රටකයි. අපගේ අවශ්‍යතාවය වනුයේ මෙම පනත් බලාත්මක කරවා ඉන්දරතන හිමියන් පැතූ අවිහිංසාවාදය මෙරට පැතිරවීමයි.
ඒ සදහා දායකත්වය දෙන්නට බෞද්ධ ඔබ සැමට ආරාධනා කරමු.